I ගයාන් ගාල්ලගේ
රුපියල අවප්‍රමාණය කිරීම පවතින අර්බුදයට විසඳුම වුවත් එය ප්‍රමාදවී ගත් තීන්දුවක් නිසා අපේක්ෂා ගත ප්‍රතිඵලවලට ළඟා විය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
2020 වසරේදී මෙම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළා නම් අද පවතින තත්ත්වයෙන් 50%ක් වත් සිදුනොවන බවද හෙතෙම සඳහන් කළේය.ආනයන භාණ්ඩ මිල ඉහළ ගොස්, අපනයන ආදායම වර්ධනයක් පෙන්නුම් කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු වැඩිදුරටත් කීය. කෙසේ වෙතත් ආනයනය සීමා කළද ඒ හරහා ආණ්ඩු හිතවාදී ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට බලය ලබා දී වෙළෙඳ ඒකාධිකාරයක් ගොඩනැගිය හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.