I දේශපාලන වාර්තාකරු
පවත්නා දේශපාලන පෙරළි මධ්‍යයේ තමන්ටත් කැබිනට් අමාත්‍ය පදවියක් ලබාදෙන ලෙස වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා රජයෙන් දැඩි ඉල්ලීමක් කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පත්වූ එස්.බී. දිසානායක සහ සී.බී. රත්නායක යන දෙදෙනාටම කැබිනට් පදවි ලබා දී ඇති බැවින් වතු ජනතාවට සේවය කිරීම සඳහා තමන්ටත් කැබිනට් ඇමැති පදවියක් අවශ්‍ය බව ඔහු පවසා ඇත.
කැබිනට් පදවියක් කඩිනමින් ලබා දිය නොහැකි නම් පශු සම්පත් හෝ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පදවි දෙකෙන් එකක් තමන්ට ලැබිය යුතු යැයි ඔහු වැඩිදුරටත් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.