I දේශපාලන වාර්තාකරු
මසකට ජල ඒකක 20කට වැඩියෙන් භාවිත කරන ජල පාරිභෝගිකයන්ගේ ජල බිල්පත ලබන මැයි මාසයේ සිට ඉහළ දැමීමට ජල සම්පාදන මණ්ඩලය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
රටේ සමස්ත ජල පාරිභෝගිකයන්ගෙන් බහුතරය වන 55%ක් පමණ ජල ඒකක 15කට වඩා අඩුවෙන් භාවිත කරන්නන් බව ඒ ගැන අධ්‍යයනය සඳහා ජල සම්පාදන මණ්ඩලය පත් කළ විශේෂ කමිටුව වාර්තා කර ඇත. මෙම බහුතර පාරිභෝගිකයන්ගේ ජල බිල්පත කිසිසේත්ම ඉහළ නොදමන බව ජල සම්පාදන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
ජල ඒකක 20ට වඩා භාවිත කරන පාරිභෝගිකයන්ගේ බිල්පත ඉහළ දැමෙන්නේද ක්‍රමානුකූලව බව පැවසූ හෙතෙම විදුලිය බිල්පත හෝ රුපියල අවප්‍රමාණය ජල බිල්පත ඉහළ දැමීමට බලනොපාන බවද පැවසීය.