ගයාන් ගාල්ලගේ l
විදුලි කප්පාදුව මැයි මාසය වනතෙක්ම සිදුවිය හැකි බවත් එහෙත් නිශ්චිතව කප්පාදුව නතර කරන දිනයක් කිව නොහැකි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ මහතා සඳහන් කළේ තවමත් තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා කප්පාදුව සිදුවන බවත් ඉන්ධන ලැබුණත් ජල විදුලිය සඳහා ජලය නොමැති වීම නිසා කප්පාදුව සිදුවිය හැකි බවත්ය.
පසුගිය බ්‍රහස්පතින්දා වනතෙක්ම කෙරවලපිටිය බලාගාරයට අවශ්‍ය තෙල් නොලැබුණු නිසා මෙගාවොට් 270ක් එතැනින් අහිමි වූ බවත් තෙල් තිබුණත් මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති නිසා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.