2019-2020 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල පසුගිය 22 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී ප්‍රදානය කළ සම්මාන අතරින් ප්‍රධාන සම්මාන තුනක් සහ කුසලතා සම්මාන සහතිකයක් දේශය පුවත්පතට හිමි විය.
වසරේ හොඳම පුවත්පත් පිටු සැකසුම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය වසර තුනක් දේශය පුවත්පත විසින් මේ වනවිට දිනාගෙන ඇත. 2020 වසර වෙනුවෙන් එම සම්මානය දේශය පුවත්පතේ ප්‍රධාන පිටු සැකසුම් ශිල්පි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන සහකාර ධනුෂ්ක විජේසිරි මහතාට පිරි නැමිණි. 2020 වසරේ හොඳම තීරු ලිපියට හිමි සම්මානය දේශය පුවත්පතේ හීසරය තීරු ලිපියට හිමි වූ අතර එම ලිපිය සම්පාදනය කරන ප්‍රවීණ සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංග මහතාට එම සම්මානය පිරිනැමිණි. වසරේ හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය (2020) (සිංහල) දේශය පුවත්පතේ ප්‍රධාන කාටූන් ශිල්පි අසංග ඉඳුනිල් වීරසේකර මහතාට හිමි විය. හොඳම පරිසර වාර්තාකරණයට හිමි කුසලතා සහතිකය (2019) දේශය පුවත්පතේ උප කර්තෘ කුසුම්සිරි විජේවර්ධන මහතා විසින් දිනාගනු ලැබීය.