lසංජීවිකා සමරතුංග
මාර්තු මාසය අවසන් වනවිට මෙරට උද්ධමන අනුපාතය (බඩුමිල වැඩිවීමේ වේගය) 18.8% දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මාසය හා සසඳන කළ එය 3%ක පමණ වර්ධනයකි.
විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇත.