I සංජීවිකා සමරතුංග
ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුනාගත් ස්ථාන හා ප්‍රදේශ 165ක පමණ විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
මෙම ස්ථාන අතර රෝහල්, නිදහස් වෙළෙඳ කලාප, කර්මාන්තපුර, සංචාරක කලාප, ජනපති මැදුර, මන්ත්‍රී සහ ඇමැති නිල නිවාස ආශ්‍රිත ප්‍රදේශ, ආරක්ෂක මර්මස්ථාන, ජල සම්පාදන මණ්ඩලයේ ජලය බෙදාහැරීමේ කාර්යාල ආදී ස්ථාන රැසක් වන බව සඳහන් වේ.
මෙම ස්ථාන සහ ප්‍රදේශ 165 හැර සෙසු ප්‍රදේශවල අදාළ කාලසටහන් අනුව විදුලිය විසන්ධි කෙරෙන බව වාර්තා වෙයි.