I සංජීවිකා සමරතුංග
රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම කෘත්‍රිම ලෙස වැඩිකොට ඩොලර් අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ කටයුතුවල නිරතවන බලපත්‍රලාභී මුදල් හුවමාරු මධ්‍යස්ථාන 10ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් දේශයට කීය.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි ශාඛා ගණනාවක් ඇති එක් මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් පසුව ඔවුන්ගේ විනිමය වෙළෙඳාමට අදාළ බලපත්‍රය මේ වන විටත් අත්හිටුවා ඇතැයි ද වාර්තා වෙයි.
මෙම මුදල් හුවමාරු මධ්‍යස්ථාන බොහොමයකට එල්ල වී ඇති චෝදනාව වන්නේ මහ බැංකුවේ නිල විනිමය අනුපාතිකයට වඩා රුපියල් 75ත් 100ත් අතර ගණනකින් ඩොලරයේ වටිනාකම ඉහළ නංවා ජනතාවගේ මුදල් මිලදී ගැනීම සහ අලෙවි කිරීමයි. මේ නිසා වාණිජ බැංකු පද්ධතියට නිල වශයෙන් ලැබිය යුතු විදේශ විනිමය අහිමිවීම වත්මන් ඩොලර් අර්බුදයට බලපා ඇති හේතුවක් බවද මෙම ප්‍රකාශකයා සඳහන් කළේය.