2022 අප්‍රේල් 03 වන ඉරිදා

තෙල් ලැබෙන තෙක් විදුලිය කැපිල්ල දිගටම - දිනකට තෙල් මෙට්‍රික් ටොන් 4000ක්

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:03 122

- සභාපති මහජන උපයෝගීතා කොමිසම

I ගයාන් ගාල්ලගේ

සුපුරුදු පරිදි රට පුරා විදුලිය ලබාදීමට ඉන්ධන ප්‍රමාණවත් අයුරින් ලැබී නොමැති බැවින් විදුලි කප්පාදුව තවදුරටත් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය.

ඉන්ධන සැපයුම ප්‍රමාණවත් අයුරින් නොලැබුණහොත් විදුලි කප්පාදු කාලය තවදුරටත් වැඩි විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

විදුලි අර්බුදය නිමකිරීම සඳහා දෛනිකව තෙල් මෙට්‍රික් ටොන් 4000ක් අවශ්‍ය බවත්, එළඹෙන සතිය වනවිට එය නොලැබුණොත් දැනට පවතින විදුලි කප්පාදුව දීර්ඝ වීමේ අවදානමක් ඇති බවද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

දැනට ජල විදුලි නිෂ්පාදනයද පහළ වැටී ඇති නිසාත් අවශ්‍ය තෙල් නොලැබෙන නිසාත්, යම් හෙයකින් නොරොච්චෝල බලාගාරයේ කාර්මික දෝෂයක් හටගතහොත් ඉතාම බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බව හෙතෙම සඳහන් කළේය.
නමුත් ඉන්දියානු තෙල් ණය හේතුවෙන් ඉදිරියේදී මෙම තත්ත්වය යම් කළමනාකරණයක් කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය.