I දේශපාලන වාර්තාකරු
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අප්‍රේල් මස 10 දින සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට පෙර වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පක්ෂයේ විධායක කාරක සභාව රැස්වී මේ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
ඒ අතර එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහි සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා තවදුරටත් රජය සමඟ කටයුතු කිරීමට ඉඩ ඇති බවය.