දේශපාලන වාර්තාකරු I
දින නවයක් තිස්සේ අක්‍රීය තත්ත්වයෙන් පවත්නා නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ලබන සඳුදා (හෙට) දක්වා කල් දමා ඇතැයි වාර්තා වෙයි. ඒ අතර මුදල් අමාත්‍ය ධුරයට පත්කොට දිනකින් ඉවත් වූ අලි සබ්‍රි මහතාගෙන් තවදුරටත් මුදල් අමාත්‍ය ධුරය දරන ලෙස ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමට ඔහුගෙන් සාධනීය ප්‍රතිචාරයක් හිමිව ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් හෙට පත් කෙරෙන අමාත්‍ය මණ්ඩලය සාමාජිකයන් 25 දෙනෙකුගෙන් පමණ සමන්විත විය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි. නව අමාත්‍ය මණ්ඩලයේ බැසිල්, චමල් හෝ නාමල් රාජපක්ෂ ඇතුළත් නොවන බව දැනගන්නට ඇත.