2022 අප්‍රේල් 10 වන ඉරිදා

ආණ්ඩුව ගෙදර යවන උද්ඝෝෂණය සති අන්තයේ

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 64

I ගයාන් ගාල්ලගේ

රජයට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් එසේ නොකරන්නේ නම් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ඊයේ (09) සිට කොළඹ ක්‍රියාත්මක කිරීමට සංවිධාන කිහිපයක් සූදානම් කර ඇත.

මහජනතාව, කලාකරුවන්, නීතීඥවරු සහ විවිධ වෘත්තීයවේදීන් නියෝජනය කරමින් මෙය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ. මෙම උද්ඝෝෂණය එක දිගට පවත්වන බව එම උද්ඝෝෂණය සූදානම් කරන කණ්ඩායම් සමාජ මාධ්‍ය හරහා දන්වා ඇත.

කෙසේ වෙතත් මීට අමතරව සමගි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තම කණ්ඩායම් සමඟ මෙම එළඹෙන සතියේ සිට රටපුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් කර තිබේ.