රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l
චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය සිකුරාදා දහවල් දීර්ඝ දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇත.
පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට හදිසි ආර්ථික ආධාර ලබාගැනීම සහ චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නායකයන් දෙදෙනා සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡා බෙහෙවින් ඵලදායී ලෙස අවසන් වූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.