I සංජීවිකා සමරතුංග
මැතිසබයේ නියෝජ්‍ය කථානායක ධූරය දරන රන්ජිත් සියඹලාපිටිය මහතා එම තනතුරින් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ නියෝජ්‍ය කථානායක තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට ඡන්දයක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
ආණ්ඩු පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක තනතුර සඳහා හිටපු අමාත්‍යවරයකු වන ඩිලාන් පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට යෝජනා විය. එහෙත් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම තනතුර සඳහා ඉදිරිපත් වන්නේ නිතරගයෙන් ඊට පත්විය හැකි නම් බවය. එසේ වුවද විපක්ෂයෙන්ද නියෝජ්‍ය කථානායක පදවිය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. එසේ වුවහොත් ඩිලාන් පෙරේරා මහතා ඊට ඉදිරිපත් නොවන බවද සඳහන්ය.