2022 මැයි 01 වන ඉරිදා

ගිවිසුම් 900ක විදෙස් ණය ගෙවීම නවතයි

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 87

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය පසුගිය කාලයේ ලබාගත් විදේශීය ණය ගිවිසුම් 900කට ආදළ ණය ආපසු ගෙවීම් අත්හිටුවා තිබේ. රජය මේ වසර වනවිට ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 51කි. එයින් ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5කි. ඉතිරි බිලියන 39 ද්විපාර්ශ්වික ණය මුදල්ය.

ශ්‍රී ලංකාව වැඩිපුරම ද්විපාර්ශ්වික ණය ලබාගෙන ඇත්තේ චීනයෙන් සහ ජපානයෙනි. ඒ අනුව චීනයෙන් ලබාගත් ණය ප්‍රමාණය සමස්ත විදේශ ණයෙන් 12%ක් පමණය. ජපානයෙන් ලබාගත් ණය සමස්ත විදේශ ණයෙන් 11%කි.
රජය විදේශ ණය ගෙවීම් අත්හිටුවා තිබුණද ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත් ණය ගෙවීම අත්හිටුවා නැත.