2022 මැයි 01 වන ඉරිදා

විශ්වාසභංගය ලබන සතියේ ගේනවා - මනූෂ නානායක්කාර

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 145

I ගයාන් ගාල්ලගේ

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව තම පක්ෂය විසින් ගෙනෙන විශ්වාසභංගය මෙම සතියේදී කතානායකවරයාට බාරදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා දේශයට පැවසීය.

මේ වනවිට තම කණ්ඩායමේ සියලු දෙනාම ඒ සඳහා අත්සන් කර ඇති බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ පිරිසකුත් සහාය ලබාදීමට දැනටම එකඟ වී ඇති බවත් ඔහු කීය.

නුවර සිට කොළඹට පැමිණෙන පා ගමන අවසන් වූ වහාම ප්‍රථම කටයුත්ත ලෙස විශ්වාසභංගය කතානායකවරයාට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කීය.

විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාසභංගය සම්බන්ධයෙන් තම කණ්ඩායම සාකච්ඡා කොට දැනටමත් එකඟතාවට පත්ව ඇති බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ සාමාජික ශ්‍රී ල. නි.ප. මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.