I ගයාන් ගාල්ලගේ
අදට යෙදෙන මැයි දිනයට සමගාමීව ප්‍රධාන පක්ෂ රුසක් සිය මැයි දින සැමරැම් රටපුරා සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව ආණ්ඩුවේ වෘත්තීය සමිති එකතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ මැයි දින සැමරුමකුත් විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගය නුවර සිට පැමිණෙන සිය පාගමනේ නිමාව මැයි දිනයට සමගාමීව කොළඹ 7 නිදහස් මාවතේදී සිදුකිරීමටත් නියමිතව ඇත.
එසේම ජනතා විමුක්ති පෙරමුනේ මැයි රැලි සහ රැස්වීම් කොළඹ, නුවර, අනුරාධපුරය සහ යාපනය ඇතුළු ස්ථාන කිහිපයකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් ලෙස දිස්ත්‍රික්ක පුරා පැවැත්වීමටත් තීරණය කර ඇත.
ඊට අමතරව විවිධ වෘත්තීය සමිති, සංවිධාන සහ කුඩා පක්ෂ රුසක් රටපුරා සිය මැයි දින සැමරැම් සූදානම් කර තිබේ.