I ව්‍යාපාරික වාර්තාකරු
විදේශ ණය ගෙවීම් අත්හිටුවීමෙන් පසු රජයට මාසිකව ලැබෙන සීමිත විදේශ වත්කම්වලින් වැඩි කොටසක් මේ වනවිට රාජ්‍ය බැංකු විසින් විවෘත කර තිබෙන ණයවර ලිපි (L.C) වල හිඟ මුදල් පියවීම සඳහා උපයෝගී කර ගැනෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලයේ ප්‍රධාන රාජ්‍ය බැංකු විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ඉන්ධන, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය ආනයනය පිණිස මෙම ණයවර ලිපි විවෘත කර ඇති බවද සඳහන්ය.
අපනයන ක්ෂේත්‍රයෙන්, විදේශ රැකියා ලාභීන්ගෙන්, සංචාරක අංශයෙන් අපේක්ෂිත විදේශ මුදල් ප්‍රමාණයම නොලැබුණත් සීමිත ඩොලර් ප්‍රමාණයක් මාසිකව රටට ලැබෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.