I දේශපාලන වාර්තාකරු
ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය අන්තර් පාලන ආණ්ඩුව සඳහා සහභාගි නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අන්තර් පාලන ආණ්ඩුව සඳහා එක්නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස පළ කර තිබිණි. ඒ අතර ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම මහ මැතිවරණයක් නිසා ඔවුන් අන්තර්වාර පාලනයකට එකඟ නොවන බව දැන්වූ වගයි. එහෙත් දැන්ම මහ මැතිවරණයක් පැවැත්වීමට නීතිමය ඉඩක් නැතැයි පැවසූ වාසුදේව නානායක්කාර මහතා මැතිසබයේ මන්ත්‍රීන් බහුතරයක් යෝජනා සම්මතයක් මගින් ඉල්ලා සිටියහොත් හැර ඊට අවස්ථාවක් නැතැයි ද කීය. එහෙත් එවැන්නකට අවශ්‍ය බහුතර ඡන්ද කිසිදු දේශපාලන පක්ෂයක් සතුව නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.