දේශපාලන වාර්තාකරු l
ඉදිරියේදී පත්වන අලුත් ආණ්ඩුවක් විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හෝ එහි බලතල අඩු කිරීමට හෝ ගෙන එන ඕනෑම යෝජනාවකට සහාය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
එසේ වුවද අලුතින් පත්වන ආණ්ඩුව මහ මැතිවරණයක් පැවැත්විය හැකි ප්‍රථම අවස්ථාවේදීම මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසිය යුතු යැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අලුත් ආණ්ඩුව පවත්වාගෙන යාමට පොහොට්ටුවේ සහාය අනිවාර්ය සාධකයක් වන නිසා තම පක්ෂයේ ඉල්ලීම අලුත් ආණ්ඩුව ගැඹුරින් සලකා බලනු ඇතැයි තම අපේක්ෂාව බව මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය.