රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යූරියා මෙට්‍රික් ටොන් 65,000 දින දහයක් තුළ වාර දෙකකට මෙරටට ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
දැනට ඉන්දියාව පොහොර ඇතුළු රසායන ද්‍රව්‍ය 27ක් අපනයනය තහනම් කර ඇතත් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සලකා බලා හදිසි සහනයක් ලෙස පොහොර සපයනු ලැබේ. ඒ සඳහා වන වියදම ඉන්දීය රජය ශ්‍රී ලංකාව ලබා දුන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් හිලව් කර ගැනීමට නියමිතය.