2022 මැයි 22 වන ඉරිදා

කාරක සභා මහ පුටු විපක්ෂයට ඕනෑ - රන්ජිත් මද්දුම බණ්ඩාර

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:03 132

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් සභාව), රාජ්‍ය ගිණුම්කාරක සභාව ඇතුළු වැදගත් කාරක සභාවන්හි සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන්නේ නම් එම කාරක සභාවල සභාපති පදවි විපක්ෂයට ලැබීම ඉතා වැදගත්ය. පසුගිය යහපාලන රජය යටතේ මෙම තනතුරු විපක්ෂයට හිමිව තිබූ අතර වත්මන් රජය බලයට පත්වූ පසු යට කී කාරක සභාවල සභාපති පදවි රජයේ මන්ත්‍රීන්ටම පවරා දීම සාධාරණ නොවන්නේ යැයි මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.