2022 මැයි 22 වන ඉරිදා

21 සංශෝධනය ගෙනා පසු ඒ ගැන තීන්දුවක් ගන්නවා - පොදුජන පෙරමුණ ලේකම්

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 63

දේශපාලන වාර්තාකරු I

යහපාලන රජය යටතේ අසාර්ථක වූ 19 වැනි ව්‍යවස්ථා සං‍ශෝධනයේ අඩංගු කාරණා එලෙසම අභිනවයෙන් ගෙන එන 21 වැනි සංශෝධනයේත් අන්තර්ගත වන්නේ නම් ඒ ගැන වෙනම තීන්දුවක් ගැනීමට සිය පක්ෂයට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ පසු ඒ ගැන වෙනම සාකච්ඡා කර සිය තීරණය රටට දන්වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකොට ඒවා පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ විරෝධයක් නැතැයි ලේකම්වරයා කීය. එසේම වත්මන් රජය රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ගෙන එන ඕනෑම යහපත් කටයුත්තකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.