ගයාන් ගාල්ලගේ I
රටපුරා ඉන්ධන පෝලිම් තවදුරටත් පැවතීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් 1520ක් සඳහා තෙල් බවුසර් රථ 200ත් 250ත් අතර සංඛ්‍යාවකින් සේවා සැපයීම නිසා බව තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.
ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 1310ටත්, ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන පිරවුම් හල් 210ටත් තෙල් සැපයීමට තරමක ප්‍රමාදයක් ඇතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් දැනටමත් දින 20කට ප්‍රමාණවත් තෙල් තොග තෙල් සංස්ථාව සතුව ඇති බවත් එනිසා ලබන සතිය වන විට තෙල් පෝලිම් නැතිවිය හැකි බවත් තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පැවසීය.
මේ සම්බන්ධයෙන් තෙල් බවුසර් හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතාගෙන් අපි කරුණු විමසූ අතර ඔහු සඳහන් කළේ තම සංගමයට අයත් බවුසර් 600ක් පමණ පවතින නමුත් තෙල් හිඟය නිසා බවුසර් 250ක් පමණක් දිනපතා සක්‍රීයව කටයුතු කරන බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් තෙල් බෙදාහැරීමේදී කිසිදු අඩුපාඩුවක් තම සංගමයේ බවුසර් හරහා සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කීය.