සංජීවිකා සමරතුංග I
කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පනතක් මැතිසබයේ සම්මත වීමෙන් පසු එහි දෝෂ ඇතොත් මාසයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම පනත හෝ ව්‍යවස්ථා සංශෝධනය නැවත ඉදිරිපත් කර වැරදි නිවැරදි කරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙවැනි වගන්තියක් ඇතුළත් කෙරෙන්නේ ප්‍රථම වරටය. පනත් සම්මත වීමෙන් පසුව අධිකරණ විමර්ශන පැවැත්වීමේ ක්‍රමය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටත් අන්තර්ගත වෙයි. මෙම වගන්තිය ඇතුළත් කිරීමේ තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ නායකයන් පිරිසක් සමඟ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව පැවති විශේෂ සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව සඳහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු මැති ඇමැති පිරිසක් එක්ව සිටියහ.