2022 මැයි 29 වන ඉරිදා

පොහොට්ටුව දිනුවේ 19 අහෝසියට දුන් පොරොන්දුව නිසා - සාගර කාරියවසම්

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 64

දේශපාලන වාර්තාකරු I

පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂය රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික පොරොන්දුවක් වූයේ.

පළමුවරට 2020 මහ මැතිවරණයෙන් තේරීපත් වූ කනිෂ්ඨ මන්ත්‍රීවරයකුටද ඉතාම බරපතළ වගකීම් සහිත අමාත්‍යාංශයක් පැවරීම ඇතුළු චෝදනා ගණනාවක් මෙම ජ්‍යෙෂ්ඨයන් විසින් එල්ල කර තිබේ. මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩලයේ සේවය කළ සෑහෙන පිරිසකට මෙවර කැබිනට් අමාත්‍ය පදවි හිමිව නැති අතර එයින් ඇතැමුන්ට බරපතළ චෝදනා ද එල්ල වී තිබිණි.

ඒ අතර කැබිනට් මණ්ඩලයට කිසිදු කාන්තාවක් (මන්ත්‍රීවරියක්) ඇතුළත් නොවීම සම්බන්ධයෙන්ද පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් විරෝධය දක්වා ඇතැයි වාර්තා වෙයි. එසේම දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට අමාත්‍ය පදවි හිමිව නැත. කුරුණෑගල, අනුරාධපුරය, කෑගල්ල, රත්නපුර, අම්පාර ආදී ඒ ඒ පළාත්බද ප්‍රධාන දිස්ත්‍රික්ක ගණනාවක්ද එම දිස්ත්‍රික්ක 11ට අයත්ය.