I දේශපාලන වාර්තාකරු
රටේ පවත්නා ඉන්ධන හිඟයට සහ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලෙස දෛනික දුම්රිය ගමන් වාර ගණන 50කින් වැඩි කිරීමට නව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය වෘත්තීය සංගම්වල සහාය ඉල්ලා ඇත.
මේ සඳහා උපයෝගී කර ගැනීමට උචිත නව දුම්රිය මැදිරි 100කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර වරායේ ගාල් කර තිබේ. එම මැදිරිවල පවත්නා සුළු සුළු කාර්මික දෝෂ පිළිසකර කර ධාවනයට එක් කිරීම අමාත්‍යවරයාගේ සැලසුමයි. මෙමගින් දෛනිකව කොළඹට සහ තදාසන්න නගරවලට ප්‍රවාහනය කළ හැකි අතිරේක මගීන් සංඛ්‍යාව 10,000ක් පමණ වෙයි.
නව වැඩපිළිවෙළ සඳහා දුම්රිය රියැදුරු, දුම්රිය නියාමක හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහාය ලබාගැනීමට අමාත්‍ය ගුණවර්ධන මහතා එම සංගම් සමඟ සාකච්ඡා අරඹා ඇත. මෙම උත්සාහය සාර්ථක වුවහොත් ඉතා සාධාරණ ගාස්තුවකට මගීන්ට ඉක්මනින් තමන්ගේ ගමන් බිමන් කර ගැනීමට අවකාශ සැලසෙන බවද මේ ගැන දේශයට කරැණු දැක්වූ අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.