2022 මැයි 29 වන ඉරිදා

ශ්‍රීලනිපයේ ඇමැති ඉල්ලීමට බෑ කියයි

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 52

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජයට සහාය දෙන මන්ත්‍රී පිරිස වෙනුවෙන් කැබිනට් අමාත්‍ය පදවි තුනක් සහ රාජ්‍ය ඇමැතිධූර තුනක් ඉල්ලා ඇතත් ජනාධිපති කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බව නම් සඳහන් නොකළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීය.

මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ එම ප්‍රකාශකයා සඳහන් කළේ ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීන් 6 දෙනෙක් රජයට සහාය දීමට ඉදිරිපත්ව සිටින බවය. ඔවුන්ගෙන් දෙදෙනකුට දැනටමත් කැබිනට් අමාත්‍ය පදවි හිමිව ඇත. ඊට අමතරව තවත් ලබා දිය හැක්කේ රාජ්‍ය ඇමැති තනතුරු 3ක් පමණක් බව රජය ශ්‍රීලනිපයට දන්වා තිබේ. එම රාජ්‍ය අමාත්‍ය පදවි දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ට හිමිවීමට නියමිත බවද එම ප්‍රකාශකයා කීය. මේ නිසා රජයට සහාය දීමට ඉදිරිපත් වූ ඌවේ හිටපු මහ ඇමැතිවරයකු සහ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන චාමර සම්පත් දසනායක මහතාට බලවත් අසාධාරණයක් සිදුවන්නේ යැයි හෙතෙම වැඩිදුරටත් කීය.