2022 ජුනි 05 වන ඉරිදා

සජබ බහුතරය 21ට විරුද්ධයි?

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 61

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් විරුද්ධව කටයුතු කිරීමට තීන්දු කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

එහි ඇතැම් කාරණා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා පසුගාමී සෘණාත්මක කොටස් සහිත බව ඔවුන්ගේ චෝදනාව වී ඇත.

ඒ නිසා සජබය විසින් ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියත්, ආණ්ඩුව විසින් යෝජනා කර ඇති කොටසුත් එකතු කර නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකසන ලෙස ඔවුන් රජයට යෝජනා කිරීමට නියමිතව ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සඳහා ඡන්දයක් විමසන ලෙසය.