2022 ජුනි 05 වන ඉරිදා

ශ්‍රීලනිප: ජ.වි.පෙ. 21ට පක්ෂයි!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 53

ගයාන් ගාල්ලගේ I 

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා තම පක්ෂයේ උපරිම සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ සඳහා තම පක්ෂයෙන් යෝජනා 10 ක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර ඇත්තේ 21 වැනි ව්‍යවස්ථාව සඳහා සමස්තයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ බවය.