I දේශපාලන වාර්තාකරු
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා මේ දිනවල ඒ ඒ පක්ෂවලින් නව යෝජනා ලබාගැනෙයි. අනතුරුව ලබන සඳුදා (හෙට 6දා) එහි කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කෙරෙයි. ඉන් සතියකට පසු එම ව්‍යවස්ථා සංශෝධනය මැතිසබා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතය. එදින සිට සතියක කාලයක් තුළ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වවලට ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය 21 සංශෝධනය විමර්ශනය කොට දින 21ක් තුළ කතානායකවරයා වෙත අදාළ තීරණය දන්වා එවීමෙන් පසු ඊට අනුකූලව සංශෝධන අවශ්‍ය නම් ඉදිරිපත් කොට ජූලි මස මුල් සතියේ 21 සංශෝධනය විවාදයට ලක්කොට සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 150 දෙනකුගේ (2/3) ක ඡන්දයක් අවශ්‍ය කෙරේ.