I යසවර්ධන රුද්රිගූ
පසුගිය 31දා සිට වැට් බද්ද ඇතුළුව බදු කිහිපයක් ඉහළ නැංවීම නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම කිරිපිටි මිල වැඩිකිරීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් පවසයි.
වැට් බද්ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා අය නොකරන නමුත් කිරිපිටි සඳහා වැට් බද්ද අය කරනවාද නැද්ද යන්න පිළිබඳ රජය මේ දක්වා ස්ථිර ප්‍රකාශයක් කර නොමැති බවද ඔවුහු පවසති.
යම් ලෙසකින් කිරිපිටිවලට වැට් බද්ද අය නොකළද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඇතුළු බදු කිහිපයක් ක්‍රියාත්මක වන නිසා යළිත් වරක් කිරිපිටි මිල වැඩිකිරීමට සිදුවනු ඇතැයි කියැවේ. එසේම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමද මිල කෙරෙහි අහිතකරව බලපාන අතර, ලබන මාර්තුවල සිට මේ දක්වා රුපියල 42% කින් පමණ අවප්‍රමාණ වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
කිරිපිටි සමාගම්වල ප්‍රධානීන් දේශයට පැවසුවේ තමන් තවමත් අලුත් මිල ගැන තීරණය කර නොමැති නමුත් ඉදිරියේදී මිල ඉහළ නැංවීමකට යාමට සිදුවන අතර එය ඇතැම්විට 50% ක පරාසයක් තුළ ක්‍රියාත්මක වනු ඇති බවය.