I ගයාන් ගාල්ලගේ
ඉදිරියේදී බදු ඉහළ යාමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල 4000 දක්වා ඉහළ යා හැකි බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියානාරච්චි මහතා දේශයට පැවසීය. දැනටමත් සිමෙන්ති කොට්ටයක මිල දැනටම රුපියල් 3000 ඉක්මවා ඇති නිසා බදු ඉහළ යාමත් සමඟ දරාගත නොහැකි තත්ත්වයකින් මිල ගණන් වෙනස් විය හැකි බව හෙතෙම සඳහන් කළේය.
මේ සියල්ලටම හේතුව රට තුළ සිමෙන්ති මාෆියාව ආණ්ඩුවට මෙල්ල කරගත නොහැකි වීම බව ඔහු වැඩිදුරටත් කීය.