► විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ යෑම නිසා දුරකතන හා අන්තර්ජාල ගාස්තු ඉහළට.
► තිරිඟු පිටි සඳහා 75% ක බදු අධිභාරයක් පැනවීම නිසා තිරිඟු පිටි මිල ඉහළට.
► මෝටර් රථ, ත්‍රීවිල්, මෝටර් සයිකල් ටයර් ආනයනයේදී 50% ක බදු අධිභාරයක් පැනවීමෙන් මිල ගණන් ඉහළට.
► මත්පැන් බෝලතයක මිල රු. 550/- කින් ඉහළට. බීර බෝතලයක මිල රු. 30/- කින් ඉහළට.
► ශීතකරණ, විදුලි උඳුන්, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර සඳහා 100% ක බදු අධිභාරයක් පැනවීම නිසා මිල ගණන් ඉහළට.
► බදු නිදහස් සීමාව වසරකට රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 18 දක්වා අඩු කෙරේ. ඒ අනුව මසකට රු. 150,000 කට වැඩි ආදායම ආදායම් බද්දට යටත් කෙරේ.
► පුද්ගල ආදායම් බද්ද 24% සිට 30% දක්වා ඉහළට.
► වැට් බද්ද 8% සිට 12% දක්වා ඉහළ නැංවීම නිසා දේශීය හා ආනයනික භාණ්ඩ මෙන්ම මූල්‍ය ගනුදෙනු, රක්ෂණ සේවා ගාස්තු ආදියේ මිල ගණන් ඉහළට.
► ඔට්ටු හා සූදු බද්ද වසරකට රුපියල් මිලියන 200 සිට 500 දක්වා වැඩි කෙරේ.