I ගයාන් ගාල්ලගේ
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයක් තවම නොමැති නිසා පක්ෂ නායකයන්ගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇතැයි රජයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කඩිනමින් එම පක්ෂවල සංශෝධන ඉදිරිපත් කර වහාම කැබිනට් මණ්ඩලයට අවසන් වාර්තාව ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ කණ්ඩායම වෙත උපදෙස් ලබා දී තිබේ.කෙසේ වෙතත් මේ සතිය තුළද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්වීමට නියමිතය.