I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකු ළඟදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි. දිවයිනේ ඈත කඳුකර දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මෙම දේශපාලනඥයන් දෙදෙනාම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වෙති.
එක් අයෙක් දිගු කලක් කැබිනට් අමාත්‍ය පදවි රැසක් දැරූවෙකි. අනෙක් තැනැත්තා පළාත් සභා ප්‍රධාන අමාත්‍ය තනතුරු ඇතුළු ඉහළ තනතුරු ගණනාවක් දැරූ අයෙකි.