I ගයාන් ගාල්ලගේ
ප්‍රතිසංස්කරණ සඳහා වන මහලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධානවල දායකත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ව්‍යවස්ථා සම්පාදකයන් නව ව්‍යවස්ථාව සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම දෙආකාරයකට සිදු කිරීමට යෝජනා කර ඇත. පළමුව වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වෙමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමත් ඉන් අනතුරුව සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරමින් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමත් එම ක්‍රම දෙකය. කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ගැන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් සිය විරෝධය පළ කර ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධන කමිටුව සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විකටර් අයිවන්, පැෆරල් සංවිධානය, සර්ව පාක්ෂික අරගලකරුවන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්වී ඇති අතර ප්‍රතිසංස්කරණ සඳහා වන මහලේකම් කාර්යාලයේ ලේකම් ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වෙත ලබා දී තිබේ.