2022 ජුනි 26 වන ඉරිදා

පොලීසිය තෙල් පෝලිමේ රාජකාරිය අඩාලයි

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:01 114

I ගයාන් ගාල්ලගේ

මේ දිනවල ඉන්ධන පෝලිම්වල ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් විසඳීමත්, පෝලිම්වල ආරක්ෂාව සැපයීමත් එක දිගට සිදුවන නිසා පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් විශාල වශයෙන් අඩුවීමක් සිදුවී ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

දෛනිකව පොලීසියට ලැබෙන අපරාධ සහ සුළු පැමිණිලි, රථවාහන පැමිණිලි විභාග කිරීම පවා අසීරු වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

විශේෂයෙන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ඇති පොලිස් බල ප්‍රදේශ තුළ ඉන්ධන හල් කිහිපයක් ඇති නිසා මෙම තත්ත්වය බරපතළ වී ඇති බව හෙතෙම කීය.