2022 ජුනි 26 වන ඉරිදා

පුංචි ඡන්දයේ අන්තිම තීන්දුව සැප්තැම්බරයේ

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 42

I දේශපාලන වාර්තාකරු

ලබන සැප්තැම්බර් මස 20දායින් පසු ඉදිරි පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය වසරක කාලයක් සඳහා කල් තබා ඇත. එම වසරක කාලය හමාරවන්නේ 2023 මාර්තු මස 20දාය. පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව එම වසර සම්පූර්ණ වීමට මාස 6කට පෙර ඡන්දය පැවැත්වීමට අදාළව තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිසමට නීතිමය බලය පැවරෙයි.

ඒ අනුව ඡන්දය පැවැත්වීම ගැන තීන්දුව ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය. එහෙත් මෙවර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් උද්ගත වන බරපතළම ප්‍රශ්නය ඊට අවශ්‍ය වියදම සොයාගැනීමයි. මෙයට පෙර පළාත් පාලන ඡන්දයට වැය කළ රුපියල් මිලියන 5000ක වියදම මෙවර දෙගුණ හෝ තෙගුණ වීමට ඉඩ ඇති නිසා වියදම සොයාගැනීම බරපතළ ප්‍රශ්නයක් බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.