I ගයාන් ගාල්ලගේ
උසස් අධ්‍යාපනය සඳහා රජයේ ණය පහසුකම් සහ නිවාඩු ලබාගෙන විදෙස්ගත වූ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් නැවත රටට ගෙන්වා ගැනීමටත් රජයේ ගිවිසුම් කඩකළ සියලු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
උසස් අධ්‍යාපනය සඳහා ලබාදෙන මුදල් රැගෙන විදෙස් රටවලට ගොස් නැවත නොපැමිණි වෛද්‍යවරුන් සංඛ්‍යාව 100කට ආසන්න බවත් ඒ හා සමානව හෙද හෙදියන්ද ඇති බවත් ඒ සියලු දෙනා නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට සඳහන් කළේය.
කෙසේ වෙතත් ගිවිසුම කඩකරමින් නොපැමිණි සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීම සඳහා දැනටමත් නීති අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.