2022 ජුනි 26 වන ඉරිදා

ගෙවීම් ප්‍රමාදයි: පාර්ලිමේන්තුවේ වාහනවලටත් තෙල් නෑ

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 42

I දේශපාලන වාර්තාකරු

පාර්ලිමේන්තුවේ වාහන සඳහා ඉන්ධන සපයන බත්තරමුල්ල ප්‍රදේශයේ ඉන්ධන හලෙන් පාර්ලිමේන්තු වාහනවලට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කර ඇතැයි කතානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. පාර්ලිමේන්තුවේ වාහන 150ට පමණ ඉන්ධන සැපයුණු මෙකී ඉන්ධන හලට ගෙවිය යුතු මාසික බිල්පත් නොගෙවීම නිසා ඉන්ධන පිරවුම්හල විසින් ඉන්ධන සැපයුම නතර කර තිබේ.

මේ ගැන කතානායක කාර්යාලයෙන් විමසූ විට එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මුදල් අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට ලබාදෙන ඉන්ධන සඳහා වන මුදල් අවසන් වීමෙන් පසු අලුතෙන් මුදල් ඉල්ලා ඇතත් එම අරමුදල් නොලැබීම නිසා අදාළ බිල්පත් පියවිය නොහැකි වූ බවය. එසේම පාර්ලිමේන්තු වාහන සඳහා ඉන්ධන වෙනුවෙන් මුදල් වෙන්කර ඇත්තේ මේ වසර මුල පැවති ඉන්ධන මිලට සාපේක්ෂවය. එහෙත් දැන් ඉන්ධන මිල දෙගුණ වී ඇති නිසා වෙන්කළ මුදල් මාස 6න් හමාර වූ බැවින් මෙම අර්බුදය හටගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.