2022 ජුනි 26 වන ඉරිදා

හාල් කඩ වැටලීම්: මැති - ඇමැතිලා පාරිභෝගික ලොක්කා ගෙදර යවයි

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 57

I යසවර්ධන රුද්රිගූ

රාජකාරි කිරීමේදී තමන්ට මුහුණදීමට සිදුවූ දේශපාලන බලපෑම් තමන්ට සේවය හැර යාමට හේතු වූ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක දේශයට පැවසීය. ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු වන මහා පරිමාණ ව්‍යාපාරිකයකුගෙන් තමන්ට නිරන්තරයෙන් බලපෑම් සිදුවූ හෙයින් රාජකාරි ඉටුකිරීමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බව හෙතෙම අවධාරණය කළේය.

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ වැටලීම් සිදුකිරීමේදීද ගැටලු ඇතිවූ අතර අපක්ෂපාතීව රාජකාරි කිරීමට නොහැකිවීමෙන් තමා බලවත් කලකිරීමට පත්ව සිටි බවද ඔහු කීවේය.

මේ රටේ පවතින සහල් මාෆියාවට මහා පරිමාණ ව්‍යාපාරිකයන් කුමන ආකාරයෙන් හෝ ඍජුව සම්බන්ධ බව අවධාරණය කළ හිටපු සභාපතිවරයා මෙම තත්ත්වය නැතිකර පාරිභෝගිකයාට සහන සැලසීමට තමා කටයුතු කරගෙන යන අවස්ථාවේදී මෙලෙස තනතුරෙන් ඉවත්වීමට සිදුවීම අභාග්‍යයක් බවද පැවසීය.

අමාත්‍යංශ ලේකම්ගේ උපදෙස් පරිදි තමා ඉල්ලා අස්වුවද සත්‍ය තත්ත්වය එය බව ඔහු කීවේය.