I ව්‍යාපාරික වාර්තාකරු
විදේශීය නැව්වලට සහ දේශීය කර්මාන්ත ආයතනවලට ඩීසල් සපයන පෞද්ගලික සමාගම් හයකින් හදිසි අවශ්‍යතා සඳහා තෙල් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
රජයේ විශේෂ බලපත්‍ර යටතේ මෙලෙස ඉන්ධන ආනයනය කරන ''බංකරින්'' සමාගම් වන්නේ ජෝන් කීල්ස්, හේලීස්, ඉන්දියන් ඔයිල් සමාගම, මැක්ලරන්ස් සමාගම, සිනොපැක් සමාගම සහ ඩෙල්මේජ් සමාගමය. මේ වනවිට අදාළ සමාගම් සතු ගබඩාවල ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක පමණ තොගයක් ගබඩා කර ඇතැයි වාර්තා වෙයි. මෙම බංකරින් සමාගම් ඉන්ධන අලෙවියේදී ප්‍රමුඛතාව දෙන්නේ වරායට පැමිණෙන නැව් සඳහාය. ඩොලර් ගෙවා ඉන්ධන මිලදී ගත හැකි සෙසු දේශීය සමාගම්වලටද ඉන්ධන සැපයේ. මෙම තෙල් මිලදී ගැනීමේ ආරම්භය ලෙස ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500 ක් ඩොලර් මිලියන 11ක් ගෙවා මිලදී දැනටමත් මිලදීගෙන තිබේ.