I ගයාන් ගාල්ලගේ
නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ කැමැත්ත විමසීමෙන් පසුව බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම වෙත ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන බවත් එහිදී ජනතාවගේ අදහස් විමසීමෙන් පසුව සාධාරණ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කරන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවද ජනක රත්නායක වැඩිදුරටත් කීය.