යසවර්ධන රුද්රිගූ I
රටේ උද්ධමනය ඉහළ යාම නිසා ක්‍රෙඩිට් කාඩ්වල ඉල්ලුම ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ගෙවී ගිය මාස තුනක කාලයක් තුළ (ජනවාරි, පෙබරවාරි, මාර්තු) බලපත්‍රලාභී වාණිජ බැංකු නිකුත් කළ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය 38,201 ක් තරම් වැඩි වී තිබේ. මාර්තු මස පමණක් කාඩ්පත් 18,716 ක් නිකුත් කර ඇත.
2022 වසරේ මාර්තු මාසය වනවිට රුපියල් බිලියන 138.8 ක ණය මුදල් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයවීමට ඇති බව දැක්වේ. 2022 මාර්තුවල පමණක් හිඟ මුදල රුපියල් කෝටි 309කින් වැඩි වී තිබේ.
2021 වසරේ තෙවැනි කාර්තුව වනවිට ගෙවීම් පැහැර හැරි ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය එක්ලක්ෂ හැත්තෑපන් දහස් එකසිය පනස් දෙකක් (1,75,152) විය. එහි වටිනාකම රුපියල් බිලියන 16.4 ක් හෙවත් රුපියල් කෝටි 16,400 කි.