2022 ජුලි 03 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂය සහ අරගලය මුලපුරයි

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 54

I ගයාන් ගාල්ලගේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ පළමු සාකච්ඡාව විපක්ෂයේ පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ගෝල්ෆේස් අරගලකරුවන් අතර පසුගියදා සිදුවිය.

එම සාකච්ඡාව සඳහා රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, දයාසිරි ජයසේකර, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, අනුර යාපා, පී. දිගම්බරන්, ප්‍රියංකර ජයරත්න, බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.

මෙම සාකච්ඡාව සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් සූදානම් කර තිබූ අතර සිවිල් සංවිධාන සහ ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් කණ්ඩායම් කිහිපයක් සහභාගී වූහ. මේ සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡාව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත.