සමන්ත ප්‍රදීප් විල්තෙර I
ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට ගිය පුද්ගලයන් 506 දෙනකු රැගත් බෝට්ටු 8ක් පසුගිය මාස හය තුළදී අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා දේශයට පැවසීය.
පොලීසිය බාරයට ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 91 දෙනකු එරටින් පිටුවහල් කළ පසුව කටුනායක ගුවන් තොටුපොළේදී පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. එවැනි නීතිවිරෝධීව සංක්‍රමණය වන වරදකරුවකුට රු. 50,000කට නොඅඩු හා රු. 200,000කට නොවැඩි දඩයක් මෙන්ම මාස 6කට නොඅඩු හා වසර 5කට නොවැඩි සිරදඬුවම් නියම කිරීමට අධිකරණයට බලය ඇත. එවැනි ජාවාරම්කරුවකුට එරෙහිව වසර 2කට නොඅඩු හා වසර 5කට නොවැඩි සිරදඬුවම් හිමිවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.