2022 ජුලි 03 වන ඉරිදා

22 සංශෝධනය 19දා මැතිසබයට

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 51

දේශපාලන වාර්තාකරු I

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජූලි මස 19දා පාර්ලිමේන්තුවට ප්‍රථම වර කියවීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එහි න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතය. න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 7ක කාලයක් තුළ එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට අවසර හිමිවෙයි.

එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වන්නේ නම් පළමු පෙත්සම ඉදිරිපත් කොට දින 21ක් ගතවීමට පෙර ඒ ගැන විභාගයක් පවත්වා එහි තීරණය කතානායකවරයා වෙත එවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.