2022 ජුලි 10 වන ඉරිදා

තෙල් ගේන්න මාසෙකට දෙන්න පුළුවන් ඩොලර් මිලියන 150යි - මහ බැංකු අධිපති

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:01 85

I ව්‍යාපාරික වාර්තාකරු

ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට මසකට සැපයිය හැකි මුදල අමෙරිකානු ඩොලර් මිලියන 150ක් පමණ බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනුම් දී තිබේ.

මහ බැංකුවේ මුදල් තත්ත්වය අනුව එම සැපයුම කළ හැකි බවද ඔහු දන්වා ඇත. එහෙත් පවත්නා ඉන්ධන මිල ගණන් අනුව මෙම මුදල ඉන්ධන නැව් තුනකට මුදල් ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව රජයේ ආරංචි මාර්ග කියයි. පවත්නා ඉන්ධන මිල ගණන් අනුව එක් ඉන්ධන නැවකට දළ වශයෙන් ඩොලර් මිලියන 60ක පමණ මුදලක් ගෙවිය යුතුව තිබේ.