ගයාන් ගාල්ලගේ I
ඉන්ධන පිරවුම්හල් තුළ තම බලය යොදාගෙන වැඩි මිලට ඉන්ධන විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටත්, පොලිස් ස්ථාන වෙත ලැබෙන තොරතුරු මතත් මෙම පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇත.
විශේෂයෙන් දැනට එවැනි චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ලැයිස්තුවක් සකසා ඇති බවද දැනගන්නට ඇත.